‘‘රාජ්‍ය - පෞද්ගලික අංශ සේවකයන් තවදුරටත් සීමා කරන්න‘‘


(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ආයතන ප්‍රධානීන් වගබලා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දැනුම් දුන්නේය.

එසේම සියලුම වෙළඳ සහ ආර්ථික මෙහෙයුම් කටයුතු ද අවම සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව ජනපතිවරයා පැවසුවේය.

ජනතාව ඒකරාශි වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ලබන විසි එක් වැනි දා අළුයම ඉවත් කෙරුණ ද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.