(අංජුල මහික වීරරත්න)
චමල් රාජපක්ෂ මහතාට දුක ගැන අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුව යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා රාජපක්ෂවරුන්ට ලිපියක් යවමින් සඳහන් කරයි.
එමෙන්ම වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීම බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. ආදරයෙන් ලියමි,යනුවෙන් අමතමින් එජාප මහ ලේකම්වරයා සිය ලිපියේ මෙසේද සඳහන් කරයි.
කර්මය පටිසන් දෙමින් තිබේ. එය කරුමයක් ලෙස දකින්නට හෝ චමල් රාජපක්ෂලාට බුද්ධිය පහළ වීම පිළිබද අගය කරමි. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් සහ තමා ඇතුළු රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපොල ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දාර්ශනික අදහස් සහිත කරුණු දැක්වීමක් පසුගියදා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී.
කෙසේ වෙතත් ඔවුන්ට දුක අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔවුන්ගේ වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීමයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූර වාර දෙක අවසන් වීමෙන් අනතුරව දේශපාලනයෙන් අත්මිදුනේ නම් වඩාත් හොද බවද ඔහු පවසන ලදී. සත්‍ය ජනතාව තේරුම් ගෙන තිබුණත් රාජපක්ෂවරුන්ට එය වැටහී ඇත්තේ කාලය ඉක්මයාමෙන් පසුවයි.