‘‘රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන 18 තෙක් තීරණයක් ගන්න එපා‘‘


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්   කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග  (18)  දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(16)  තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.