
(ගයාන් සූරිය ආරච්චි)
කාන්තාවක රවටා රුපියල් දහ අට ලක්ෂ පනස් පනස් පන් දහසක මුදලක් ගිණුමකට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, කොස්වත්ත ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.ෙඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවාය.
වට්ස් ඇප් මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයකු ඩොලර් 70,000 ක් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් දහ අට ලක්ෂ පනස් පනස් පන් දහසක මුදලක් වංචා කර ගිණුමකට බැර කර ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd