‘‘මෙච්චර පිරිමහන රජයක් ලොවෙත් නෑ‘‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහා ලෝක ව්‍යසනයක් තිබියදී වත්මන් රජය ලොව කිසිම දේශපාලන නායකයකුට කළ නොහැකි පිරිමැසුම්දායක ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"බදු මඟින් පමණක් භාණ්ඩ මිල අඩු කරන්නට බැහැ. විනිමය අනුපාතය ඉහළ යමින් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ කාගේ ආණ්ඩුව තිබුණත් බඩු මිල වැඩි වෙනවා. එමෙන්ම නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා යනුවෙන් ද වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.

රේගු ආඥා පනතේ දහ වන වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදය අරඹමින් වෙළෙඳ අමාත්‍යවරයා මෙි බව කීය.