‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘


(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි. 

දැනට මෙම ඇතින්නට ඇවිද ගැනීමට නොහැකි නිසා ඒ ආසන්නයේ තබා ප්‍රතිකාර කරයි.