‘‘බැඳුම්කර හොරු සියලු දෙනාටම දඬුවම් දෙන්න‘‘


(නිමල කොඩිතුවක්කු)

අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවෙල් ටෙෂරිස් සමාගම 2015ට පසු බැදුම්කර මගින් සහ 2015ට පෙර‍ කොටස් වෙළදපොළ මගින් රුපියල් බිලියන ගණනින් අයථා ලාභ ලබා ඇති බව වෝහාරික විගණනය මගින් තහවුරු වී ඇති බැවින් මේ ගණුදෙනු වලට සම්බන්ධ සියලූ දෙනා තරා තිරම නොබලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඩුවම් පමුණුවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(02) පැවසීය.
 
පක්ෂ දේශපාලනය ගැන කතා කරනවා වෙනුවට ජනතා මුදල් වංචා කළ සියලූ දෙනාට නීතිය ක‍්‍රියාත්මක කිරීමට සියලූ දෙනා ඉදිරිපත් විය යුතුව ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
 
කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.
 
‘‘ලෝකයේ විශිෂ්ඨතම ආයතන දෙකක් උපයෝගි කරගෙන මහබැංකු බැදුම්කර සම්බන්ධ වෝහාරික විගණනය සිදුකර තිබෙනවා. මේ  කිසි දේකට ලංකාවේ අය සම්බන්ධ නැහැ.
 
බැදුම්කර වෙළඳපොලේ තිබුන ගණුදෙනු සහ කොටස් වෙළඳපොලේ තිබුණු ගණුදෙනු සම්බන්ධයෙන් මෙහිදී මූලික විමර්ශන දෙකක් සිදුකරලා තියෙනවා. වෙනත් විදියකට  කියනවනම් මහරගම ගෙවල් කඩපු සිද්ධියක් සම්බන්ධයෙන් සහ කොල්ලූපිටියේ ගෙවල් කඩපු සිද්දියක් සම්බන්ධයෙන්  වෙච්ච පරීක්ෂණ දෙකක් මෙතන තියෙනවා.  දැන් හොයන්න තියෙන්නේ මේ සිද්ධීන්  වලට සම්බන්ධ වෙලා ඉන්නේ එකම පිරිසක්ද කියන එකයි.
 
2002 ජනවාරි ඉඳලා 2015 පෙබරවාරි 27 වනදා දක්වා වූ ගණුදෙණු මේ වෝහාරික විගණනයේ එක වෙලූමක සදහන් වෙනවා. 2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 වනදා වනතෙක් ගණුදෙනු  හතරවෙනි වෙලූමේ සදහන් වෙනවා.

අපේ රජයට බැදුම්කර ගණුදෙනු  පිළිබද එල්ල වූ චෝදනා පිළිබද සම්පූර්ණ වෝහාරික විගණනයක් මෙහි ඇතුළත් වෙනවා. මේ වාර්තාවට අනුව බැදුම්කර වෙළදපොළ ප‍්‍රථමික වෙලදපොළ  සහ ද්විතීක වෙළදපොල ලෙස දෙකට බෙදා තිබෙනවා. 

ප‍්‍රථමික වෙලදපොලෙන් රජයට වෙච්ච පාඩුව ගණණය කරනු ලබනවා. ද්විතීක වෙළදපොලෙන්  වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විසින් ලබා ගනු ලබන අයුතු ලාභය ගණනය කිරීමයි.  මේ මගින් රජයට වෙච්ච පාඩුව වෙනම ගණනය කරනවා. අනික් පැත්තෙන් බැදුම්කර ද්විතීක වෙළදපොලේ  විකුණලා ලබා ගත් අයුතු ලාභය වෙනම ගණනය කරනු ලබනවා.
 
ඒ අයුතු ලාභය ලබා ගන්න කරපු ගණුදෙනුවෙ එහා පැත්තේ ඉන්නේ අර්ථ සාධක  අරමුදලනම් මෙවැනි  ගණුදෙනු මගින්  අර්ථසාධක අරමුදලට කොච්චර පාඩු වෙලා තියෙනවද කියලා වෙනමම විගණනය  කරලා බලලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලූ අදාළ  ලියකියවිළි පරීක්සා කරලා ඉතාම ගැඹුරු විගණනයක් මින් සිදුකරලා තියෙනවා.
 
මෙතෙන්දි විද්‍යුත් උපකරණ භාවිතය පිළිබදවත් සම්පූර්ණ වාර්තා ලබා ගෙන තිබෙනවා.  ඒ අනුව ඔවුන් තෝරා ගත් පුද්ගළයන්ගේ ජංගම දුරකථන,  පරිගණක, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, වයිබර්, වට්ස්අප්  ආදි මේ සියල්ලකම ඒ මගින් ලබා ගෙන තියෙනවා. මකා දැමූ  ෆයිලූත් මේ අය යළි ලබාගෙන තිබෙනවා. ඒ අනුව රන්ජන් රාමනායකට එහා ගියපු හඩපටත් මේකේ තියෙනවා.
 
ඊළඟට  තෝරගත් අයගේ බැකු ගිනුම් බලලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පළවූ  පෘවාත්ති, ලිපි බලලා තියෙනවා. ඒ සියලූ දේට අමතරව මොවුන් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා  සිදුකර තිබෙනවා.
 
නමුත්  මෙතන යම් කිසි හිඩසක්  සිදුව ඇති බව ඔවුන් සදහන් කරලා තියෙනවා.  ඒ තමයි අර්ජුන් මහේන්දු‍්‍රන් සමග ඒ අයට සාකච්ඡා කරන්න බැරිවෙලා තියෙනවා. 

දෙවැනි  එත තමයි මෙයට පෙර  හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්  මහතා ගැන විද්‍යුත් උපකරණ භාවිතය පිළද තොරතුරු එකක්වත් මේ අයට ලැබී නැහැ. මෙයට අමතරව එතුමන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළා, ප‍්‍රශ්නාවලියක් යොමු කළා නමුත් ඔවුන්ට එයට ප‍්‍රතිචාර නොදැක්වූ බවට මෙහි සදහන් කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධ සියලූ තොරතුරු විශාල පරිශ‍්‍රමයක් යොදලා ලබා ගන්න ඔවුන්ට හැකිවුනා කියලත් මෙහි සදහන් වෙනවා.
 
විගණකාධිපතිතුමන්ගේ වාර්ථාවට, පාර්ලිමේන්තු  කෝප් කමිටු වාර්තාවට, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව  බැදුම්කර නිකුතුවලදී හිටපු  මහබැංකු අධිපති අර්ජුන් මහේන්දු‍්‍රන් නීතියට පටහැනිව  කටයුතු කිරීම මගින් රජයට විශාල පාඩුවක් සිදු ඇති බව හෙළි වී තිබෙනවා.
 
2015 පෙබරවාරි 27 වනදා වනවිට  රජයට සිදුවූ අවම පාඩුව සහ  උපරීම පාඩුව කියලා මෙතන දක්වලා තියෙනවා. ඒ අනුව  අවම පාඩුව කියලා කියනවා  රුපියල් මිලියන  1106යි. උපරිම පාඩුව කියළා කියනවා රුපියල් මිලියන 1114යි.  2016 මාර්තු  වනවිට උපරිම පාඩුව මිලියන 2872ක් අවම පාඩුව මිලියන 2298 ක් ලෙස සටහන් වෙනවා.  මේ මම කිව්වේ ප‍්‍රථමික වෙළ`දපොලේ හෙවත් රජයට සිදුවු පාඩුවයි.
 
මේ ගණුදෙනු බලන්න  ඕන සංසන්දනාත්මකයි.  එහෙම නැතුව පාඩු ගණනය කරන්න බැහැ. ඔය පාද  සටහන් ගැන කතා කරනවිට මෙවැනි තාක්ෂණික  කාරණා තමයි ඒවායේ ඉදිරිපත් වෙලා  තිබුණේ. වෝහාරික විගණනය කළ යුතුයි කියලා එහි තමයි සදහන් වෙලා තිබුණේ.
 
අපිට හැමදාම මේ දෙකයි පනහේ දේශපාලනය කරන්න බැහැ. අපිට පුලූවන් වෙන්න  ඕන දේශපාලන පක්ෂය කුමක් වුනත් රට වෙනුවෙන් වැඩ කරන්න. එතනදි අපිට සත්‍ය ප‍්‍රකාශ කරන එක අත්‍යවශ්‍ය වෙනවා.  දැන් උදාහරනයක් විදියට අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ  ඉදිද්දි දැනගෙන හිටියේ සුලූ ප‍්‍රමාණයක් නම් මේ වෝහාරික විගණනය මගින් අපිට විශාල ප‍්‍රමාණයක්  ලැබිලා තියෙනවා.  අතීීතය දිහා බැලූවොත්  අපි මේ ගැන මොනවද දැනගෙන හිටියේ කියලා මට හිතෙනවා.

පක්ෂ දේශපාලනය කළා කියලා අපිට මෙතන නොයෙයකුත්  දේ කයන්න බැහැ.  අපි එදා කෝප් එකෙත් අදත්, හෙටත් සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්නවා. අපි කිසිකෙනෙකුට  සුදු හුනු ගාන්නවත්, කිසි කෙනෙකුට මඩ ගහන්නවත්  බලාපොරොත්තු වෙන්නේ නැහැ.  නමුත් මේවට සම්බන්ධ වූ සියලූ දෙනා අධිකරණය  ඉදිරියට ගෙනත් පනවන්න පුලූවන් දැඩිම දඩුවම් පැනවිය යුතුයි.
2015 ට පස්සේ මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ බැදුම්කර වෙලඳපොලේ. 2015ට කලින් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොටස් වෙළදපොළේ. 2015 න් ප්සෙ කරන්නේ අඩුවෙන් අරන් වැඩියෙන් විකුණනවා. 2015 ට කලින් කරන්නෙත් ඒකමයි.  ගණුදෙනුවේ සභාවය එකමයි.  වෙලා තියෙන්නේ ඇලෝෂියස් මහතා ගණුදෙණු කරන පිරිස පමණයි වෙනස් වෙන්නේ.