(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගමැති බංගලාදේශයට ගොස් ඩොලර් ණයක් ඉල්ලා තිබෙන බව කෑගල්ල මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බංගලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලද?මේ තත්ත්වය යටතේ ආයෝජකයන් අප රට ගැන හිතන්නේ මොනවාද? අතීතයේ දී අප බංග්ලාදේශයෙන් ලංකාවට ගෙන්නුවේ ගෝනි නූල් පමණයි.
මේ තත්ත්වය යටතේ ලාංකික ජනතාවට ඒ ගෝනි නූල් වලින් බෙල්ලෙ වැල දාගන්නට සිදුවී තිබෙනවා. ඉදිරියේදී අපේ අගමැති නේපාලය ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ගියොත් ඒ නායකයන් හැංගේවි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

