‘‘දියවන්නා ඔය අපවිත්‍ර කරලා‘‘


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ශුද්ධ කර එම ජලය දියවන්නා ඔයට දැමීම නිසා එහි යම් දූෂණයක් වී ඇති බවත් මෙය සේවක පිරිසක් ඔළුව කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

දියවන්නා ඔයට එකතුවී ඇති මෙම අපද්‍රව්‍ය පහත්බිම් සංවර්ධන මණ්ඩලයට නොපමාව දැනුම්දී ඉවත් කිරීමට පියවර ගන්නා බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කතානායක වරයා මේ බව කීය. යම් කොළ පැහැති ද්‍රව්‍යයක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස දියවන්නා ඔය ප්‍රදේශයට එකතු වීම නිසා එහි ජලය ප්‍රදේශය බෙහෙවින් අපවිත්‍ර වී ඇතැයි විපක්ෂනායකයා චෝදනා කළේය.

කතානායක : මම ඒක පිළිගන්නවා ඒක කල්පනා නොකර කරපු වැඩක් දැන් එය සිදුවෙලා ඉවරයි පහත් බිම් එකට දැනුම් දී ශුද්ධ කිරීමට කටයුතු කරනවා.