‘‘ජිනීවා යෝජනාවෙන් ලංකාව පැරදුණේ දුර්වල විදේශ ප්‍රතිපත්ති නිසා‘‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජිනීවා යෝජනාවෙන් ලංකාව පරාජයට පත්වූයේ රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ලංකාවට පක්ෂව සිටි රටවල් ද මෙවර විරුද්ධව ඡන්දය දුන්නා.නැතිනම් ඡන්දය දීමෙන් වැළකී සිටියා . මේ තත්ත්වය ඇතිවුණේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසයි. රටේ ජනතාව තුළ තිබුණ සංහිඳියාව විනාශ කිරීමේ ඵලවිපාක මානව හිමිකම් කොමිෂන් වාර්තාවෙන් ලංකාව පරාජය වන්නට හේතු වූණා.මෙි පරාජය පිළිබඳව අප කනගාටුවට පත් වෙනවා. ආණ්ඩුවේ දිව දෙකේ ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තර පිළිගැනීම පරිහානියට පත්වෙලා.යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.