‘‘ජිට්‘‘ මෙවර බැරිවූ අයට ලබන සැරේ අවස්ථාව


(රංජන් කස්තුරි)

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර අයඳුම්කිරීමට නොහැකි වූ සිසුන්ට ලබන වසරේදී එම විභාගයට පෙනී සිටිමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර 2019,2020,2021 සහ 2022 යන වසරවලදී 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

එම විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 3269කදී පැවැත්වේ.