
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනයක් කළ හොත් එය භාරගන්නා බවත් ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
සෙසු පක්ෂවලට ද තමන් පිළිබඳව යම් විශ්වාසයක් ඇතිවී ආරාධනා කළහොත් බෑ කියා සැගවෙන්නේ නැති බවත් ඒ වගකීම භාරගැනීමට සූදානම් බවත් රොෂාන් රණසිංහ මහතා වැඩි දුරටත් කීය.
මහනුවර මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

