(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනතාව සැකයෙන් බලන්නට පටන් ගෙන ඇති බැවින් අගවිනිසුරුවරයාත් අධිකරණ සේවා කොමිසමත් ඒ සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගතයුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පැවසීය.
මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට පැහැදිලි වගකීමක් තිබෙන බවද අගමැතිවරයා පුවත්පත් කතුවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී අද (09) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.
ඉකුත් රජය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ , නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ඇතැමුන් සම්බන්ධ වී ඇති බව කී අගමැතිවරයා මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණය පැත්තෙන්ද වහාම පියවරක් ගතයුතු බව කීවේය.
ඉකුත් රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑම් එල්ල කළේ ද යන්න මෙම හඬපට වලින් පැහැදිලි වන බව කී අගමැති රාජපක්ෂ මහතා මේ තත්ත්වය තුළ අධිකරණ තීන්දු පිළිගන්නේ කෙසෙද යන්න අද වනවිට ජනතාව ප්‍රශ්න කරන බවද සඳහන් කළේය.
අධිකරණයට එල්ල වී ඇති ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතළ යැයිද ඔහු කීය.අධිකරණයට හා පොලිසියට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට පමණක් වරද පැටවිය නොහැකි බව කී අගමැතිවරයා මෙය පසුගිය රජය කලයේ අරලියගහ මන්දිරයේ සිටි පිරිසක් විසින් සාකච්ඡා කර සිදුකරන ලද දේවල් බවද කියා සිටියේය.
ඉකුත් රජය සමයේ විපක්ෂයේ අයට සමහර නඩු දමා ඇත්තේ වාහන භාවිතා කිරීම වාහන භාවිත කරන්නට අවසර දීම ආදිය සම්බන්ධයෙන් බවද අගමැතිවරයා කීවේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු යැයිද මැතිවරණයේ වෙනසක් සිද්ධවිය යුතු යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

