‘‘ඛනිජ තෙල් හිඟයක් නෑ‘‘


(යොහාන් භාසුර)

රට තුළ කිසිඳු ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් කපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්‍රශ්නය හුදෙක්ම අතිකාල සේවය පිළිබඳව ප්‍රශ්නයක් බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථ සමාගමේ නිලධාරියකු පැවසීය.

සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින ප්‍රවාහනය කරන ඉදිරි සතියට අදාල තෙල් සැපයුම වන මෙටි්‍රක්ටොන් 6000 ක් පමණ ආයතනික තීරණයක් අනුව සිකුරාදා දිනයේ සැපයූ බවත් ඒ හේතුවෙන් අද (11) දිනයේ සේවය අවශ්‍ය නොවන බව දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.

අද දිනයේ සේවය කිරීමේ අවස්ථාව නොලැබීමට සේවකයන් මෙසේ විරෝධය පළකරමින් විරෝධය දක්වා ඇති බවත් එය ඉන්ධන සැපයුමට මේ දක්වා කිසිඳු බලපෑමක් නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.