‘‘කොරෝනා නීති කාටත් සමානයි‘‘


(රංජන් කස්තුරි)

සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝපස් ස්ටාලින්,වී.අයි.ලෙනින්,කාල්මාක්ස් හෝ පියුමි හංසමාලිලා වෙනුවෙන් නොවන බව ද සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුවන බව ද සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය කීවාය.

කෝවිඩ් - 19 ව්‍යසනය ජාතික ව්‍යාසනයක් බවද සෞඛ්‍ය අංශ උත්සහා ගන්නේ එම ව්‍යසනය රට ගොඩනැගීමට බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ස්ටාලින්, කාල්මාක්ස්, ලෙනින් හෝ වේවා සෞඛ්‍ය නීති කඩකරන්නේ නම් නීතිය සමානව ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරිය කීවාය.