‘‘කැස්බෑවුන් මියගොස් ඇත්තේ තෙල් තට්ටුව නිසා ‘‘


(විනීතා එම් ගමගේ)

මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි ව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ  පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.

‍මේ වනවිට සත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි කි අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන බවත් ඒවායෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරික්ෂණ සඳහා ද අමාත්‍යංශ්‍ය සූදානම් වන බව සඳහන් කරයි.

සමුද්‍ර ජීවින් අයත් වන්නේ වනජීවී අමාත්‍යංශයට බවත් ඒ අනුව මෙම සිද්ධිය පිළීබඳ පුළුල් පරික්ෂණ සඳහා පියවර ගන්නැයි අදාල අංශවලට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පරික්ෂණ සඳහා මෙරට ඇති පර්යේෂණාගාර ප්‍රමාණවත්නොවන බැවින් මිය ගිය සතුන්ගේ සාම්පල කොටස් සිංගප්පූරුවේ පර්යේණාගාරයකට යැවීමට සූදානම් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.