(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සපයන ආයතන විශාල ප්‍රමාණයක් රටෙි ක්‍රියාත්මක අතර එම ආයතන නිසි පරිදි නියාමනයක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙි ආයතන ඔවුනොවුන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරනු ලබන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් විසින් චෝදනා කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 35%ක උපරිම පොලී අනුපාතිකයක් නියම කර ඇතත්, ඇතැම් ණයහිමියන් විසින් සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොලී අය කිරීම සිදු කරනු ලබනවා.
මේ වන විට ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල බොහෝ පිරිසක් මෙලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය මුදල් නැවත ගෙවීමට නොහැකි වීම තුළින් දැඩි අපහසුතාවයන්ට පත් වී තිබෙනවා යනුවෙන් ද ස්ථාවර නියෝග 27(2) යටතේ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය .

