(තිළිණි ද සිල්වා)
වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා විදෙස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ.
රුසියානු බෙලරූස් සහ චීන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා සුදුසුකම් සපුරාලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වීම නිසා සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

