(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ දෙකේම ඉතා සුලු පිරිසක් පමණක් ඔවුන්ගේ පටු වාසි තකා පක්ෂ දෙක ඒකාබද්ධ වීමට අකමැති බවත් එම පිරිසේ විරෝධය නොතකා රට වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධ වීම සිදුවන බවත් ඔහු කීවේය.