(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දිමුදලක් ලබා ගැනීම සදහා නැවේ හිමිකරුවන් සමඟ දීර්ඝ සාකච්ඡුා අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි.
සිදුවූ හානියට අදාළව වන්දි ලබා ගැනීම සදහා ජාත්‍යන්තර විශේඥයින්ගේ සහාය ලබා ගැනීම සදහා ද පියවර ගෙන ඇති බවත්, ඒ සදහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනකු දැනටමත් මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු අරඹා ඇති වත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.
නෞකාවෙන් මුහුදු ජීවීන්ට මෙන්ම මෙරට සාගර කලාපයට සිදුවී ඇති හානිය සොයා බලා එහි බහාලූම්වලින් සිදුවන හානිය අවම කර ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට සැලසුම් කි‍්‍රයාත්මක කරමින් පවතින බව ද කීය.

