(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට (21) දෙවසරක් සම්පූර්ණ වේ.
ඒ නිමිත්තෙන් දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලදී අද (21) දේවමෙහෙයන් හා සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙදින කාදිනල්තුමන් සහභාගී වන ප්‍රධාන දේවමෙහෙයන් දෙකක් පැවැත්වෙන අතර උදෑසන 8.45ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීත්, සවස මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් දේවස්ථානයේදීත් මෙම දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතය.
එදින සියලු දේවස්ථානවලදී සීනු නාද කිරීමෙන් පසු විනාඩි දෙකක නිහඬතාව ආරක්‍ෂා කෙරෙන අතර ඉන්පසු යළිත් සීනු නාද කර මිය ගිය අය වෙනුවෙන් පහන් සහ ඉටිපන්දම් දැල්වීමට කටයුතු යොදා ඇත.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උදෑසන දේව මෙහෙයේදී සර්ව ආගමික නායකයින් විසින් ආගමින වතාවත් සිදුකර, ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීමට නියමිතය.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් රචනා කළ සහ විශාරද නන්දා මාලිනිය විසින් ගයන සැමරුම් ගීතයක් ද මෙහිදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
දිව්‍ය පූජා යාගය පවත්වා දිළිඳුන්ට දානය ලබාදීමෙන් මෙම කටයුතු නිමාවට පත්වන අතර එම දේව මෙහෙයට සමගාමීව මීගමුව කටුවාපිටිය දේවස්ථානයේදීද සහායක රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු රදගුරු මණ්ඩලය සහභාගී වන දේව මෙහෙයක් ඉන්පසු අද (21) පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේදී පැවැත්වෙන අතර කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය 40 දෙනෙකු මිහිදන් කර ඇති සුසාන භූමියක ඉදිකළ දෙව්මැදුර විවෘත කිරීම ද ඊට සමගාමීව සිදුකෙරේ.
ප්‍රහාරවලින් මිය ගිය අය වෙනුවෙන් සාධාරණය හා රටට යහපත ප්‍රාර්ථනා කරමින් පියතුමන්ලා සහභාගී වන ආගමික පෙරහැරක් එදින පස්වරු 4.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කිරීමට ද නියමිතය.