‘‘ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් ධීවරයන්ට සහනයක් දෙන්න‘‘


(ඩයනා උදයංගනී)

ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ආදී ක්‍ෂේත්‍ර වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

රටේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩිකිරීම ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීම වැනි කටුක අත්දැකීමක් බව ද කාදිනල්තුමෝ සඳහන් කරති.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)