
(චමිල් රුපසිංහ)
ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ.
කරනවැඩවල පිළිවෙලක් නෑ. සියලු වැඩ අවුල් කරගෙන. මේ ගැන දැනීමක් ඇති මේ ගැන හැගීමක් ඇති මේ සම්බන්දව ඕනකම්ක ඇති අයගෙන් උපදෙස් ගැනිමක් නොකරන නිසා කෘෂිකර්ම කේෂ්ත්‍රෙය් ගැටලු පැන නැගි ඇති බවද අනුනාහිමියෝ පැවැසූහ
වත්මන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උද්ගතවි ඇති ගැටලු නිසා යළ මහ කන්න 3 ක් විනාශ විම හා පලිබොධ නාශක හා පොහොර නිසියාකාරව ලබා ගැනිම ඇතුලු කරුණු සම්බන්දව සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ නිලධාරින් අනු නායකහිමියන් බැහැදැකි අවස්ථාවේදි මේ බව පැවසිය.

