
(වාරියපොල - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නතක් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි බව බටහිර ඖෂධ නිපදවන දේශීය සමාගමක් වන නිව්ජෙන් ලංකා ආයතනය කියයි.
ඖෂධ ආනයනය සදහා වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිවන පිලිකා රෝග සදහා භාවිත වන අධික මිළෙන් යුතු ඖෂධ ඇතුලුව ඖෂධ වර්ග 250 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බව එහි සාමාන්‍යාධිකාරි රොහන්ත දිසානායක මහතා පැවසීය.
සාමාන්‍යාධිකාරිවරයා මේ බව කියා සිටියේ එම සමාගම විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සීයට දෙකක් පමණක් බවද දිසානායක මහතා කීය.




