(යොහාන් භාසුර)
අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප මටට්මින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
අන්තජාල පහසුකම් සහ පරිගණක උපාංග නොමැති වීමෙන් මාර්ගගත ක්‍රමට අධ්‍යාපනය ලැබිය නොහැකි දරුවන් සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුවකූලව කුඩා කණ්ඩායම් වශයෙන් අධ්‍යාපන ලැබීමේ මධ්‍යස්ථාන ග්‍රාමිය මට්ටමින් ආරම්භ කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්‍ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇතැයි ද ඔහු කියයි.
එම මධ්‍යස්ථාන සතියේ දින පහේ පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා පවත්වාගනෙ යෑම සදහා සැළසුම් කර තිබේ.
‘ඊතක්‍ෂලාව’ හරහා මෙම මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලැබීමට පරිගණක, ලැප්ටොප් හෝ ටැබ් 10 ක් ලබාදීමට සැළසුම් කර තිබෙනවා. පළාත් කමිටුවකින් පාලනය වන අධ්‍යාපන කළාප කමිටු මේ සඳහා පත් කර ඇතැයි ද ඔහු කියයි.

