‘‘21 යෝජනා තෙල් පෝලිම්වලට බෙදන්න‘‘


 

(සුජිත් හේවාජුලිගේ )

විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් දිසානායක මහතා පැවසීය.

අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බවද ඔහු සඳහන් කළේය.