‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 60ක් අපතේ


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්‍ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත් බව කී අමාත්‍යවරයා ජනතාව කිසියම් හේතුවක් මත සිවුවැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා එම තත්වය ඇති වූ බව ද සඳහන් කළේය.