‘හරක් කටාට‘ පනින්න උදව්කළ බව කියන සැරයන්වරයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි  )

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු  සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව  මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු  මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම පොලිස් වසමේදීය.