(යොහාන් භාසුර)
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
කළපලුවාව, පොතුඅරාව, අකුරේගොඩ සහ බොරළුගොඩ යන ප්‍රදේශවල පැවති ජනහමුවලදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළාය.
අපි මාස හයක් ඇතුළත තුන්වෙනි වරටත් මැතිවරණයකදී ඡන්දය දාන්න ජනතාවට තව දවස් හයක් පමණක් ඉතිරිව ඇති බවත් රජයේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පද්ධතිය හදාගෙන යන ගමනේ ගමේ නායකත්වයත් ගමට සුදුසු ව්‍යුහය හදාගන්න ආණ්ඩුවට ලැබෙන අවස්ථාවක් මෙය බවත් ඇය පැවසුවාය.
වර්තමාන ආණ්ඩුවට ජනතාව රට භාර දෙන විට රටේ තිබුණු තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් ඇති බව කී අග්‍රාමාත්‍යවරිය ඒක ආර්ථික කඩාවැටීමකටත් එහා ගිය ආයතනික මට්ටමේ කඩාවැටීමක් බව ද සදහන් කළාය.