‘ශ්‍රී ලන්කන් කාගෝ’ සේවයට සම්මානයක්


(ටී.කේ.ජී.කපිල )

ඉන්දීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස " ඉන්දියා කාගෝ එවෝඩ්ස් - 2023" (India Cargo Awards - 2023 ) හීදී ශ්‍රී ලන්කන් කාගෝ ( Sri Lankan Cargo ) සේවය සම්මානයට පාත්‍ර වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනික සන්නිවේදන අංශය කියයි.

ඉන්දියාවේ නවදිල්ලි , මුම්බායි , බැංගලෝර් , හයිද්‍රාබාද් , කොචින් , ත්‍රිවේන්ද්‍රම් , චෙන්නායි , ට්‍රිචි , සහ මදුරෙයි යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වල සිට ශ්‍රී ලංකාවේ කටුනායක ඇතුළු තවත් විදේශීය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් කාගෝ සතියකට ගුවන් ගමන් වාර 70 ක් පමණ ක්‍රියාත්මක කරනු ලබයි .

එනිසා ඉන්දීය භාණ්ඩ සැපයුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීම බවට ශ්‍රී ලන්කන් කාගෝ පත් වී සිටිති .

එමෙන්ම යුරෝපය , මැදපෙරදිග , දකුණු ආසියාව , අග්නිදිග ආසියාව , ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වැනි ගමනාන්ත සහ ඒවායින් ඔබ්බට ද ශ්‍රී ලන්කන් කාගෝ තම සේවා පවත්වා ගෙන යමින් සිටිති .

එනිසා පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී ශ්‍රී ලන්කන් කාගෝ මෙට්‍රික් ටොන් 10,000 ක් බර ගුවන් භාණ්ඩ තම ගුවන් යානා මගින් ප්‍රවාහනය කර තිබේ .

මේ සදහා ශ්‍රී ලන්කන් කාගෝ සතුව විශිෂ්ඨ තළයේ ගබඩා පහසුකම් සහ අති නවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණ ඇති බව ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී .