‘වැඩවර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා’


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු) 
 

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කර තිබියදීත් වැඩ වර්ජනයක නිරත වන සේවකයින්ට එරෙහිව අකමැත්තෙන් හෝ නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

ඔවුන්ගේ ගැටලු මාස එකහමාරක් තුළ විසඳන බවට පොරොන්දු දී තිබියදීත් වැඩ වර්ජනයක යෙදෙමින් ජනතාව අපහසුතාවට පත්කිරීම වරදක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්‍රාමික සේවකයින් කැඳවා ඉදිරියේදී එන දුම්රිය වර්ජනවලට මුහුණදීමට අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බවද අබේසිංහ මහතා කීවේය.

අද දිනයේත් දුම්රිය ගමන්වාර 30ක් පමණ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.