(අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් ඔවුන්ගේ බලතල හරියට පාවිච්චි කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කරන්නේ කොරෝනා මර්දනය පසෙක තබා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම පමණක් බව කී මාරසිංහ මහතා වසංගතයක් පැතිරෙන මොහොතක මැතිවරණයක් පැවැත්විය යුතු යැයි කී විපක්ෂ නායකවරයාගේ මොලේ පරික්ෂා කළ යුතු බවද සඳහන් කළේය.
මැති ඇමැතිවරුන් සහ නිලධාරින් මාරු කිරීමෙන් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය නොහැකි බව ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා කීය.

