‘වර්ජකයන්ට නීති ක්‍රියාමාර්ග ගත්තොත් අඛණ්ඩ වර්ජනයකට යනවා’


මහින්ද නිශ්ශංක

 

හදිසි නීතියට මුවාවී වර්ජනයේ යෙදෙන දුම්රිය වෘත්තිය සමිති මර්දනය කර වර්ජකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගනු ලැබුවහොත් පැය 24 වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරිමට වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ලොකෝමෝට්ව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

මේ වන විට සියලු දුම්රිය සමිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බැංකු සේවක සමිතිය, වරාය, ඛනිජතෙල් සමිති සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා කීය.