‘රාජ්‍ය නිලධාරීන් ගැන පරිස්සමෙන් කතා කරන්න‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු  විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නිලධාරීන් ගැන කතා කිරීමේදී ප්‍රවේශමෙන් කතා කතාකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)  පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කතා ගැන රාජ්‍ය නිලධාරීන් නොසතුට පළ කර තිබෙන බවද කතානායක වරයා කීය.