
(චමිල් රූපසිංහ)
බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය සභාවේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සදහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නය යහපාලන සමයේ මෙවන් දෙයක් වු විගස කෑගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසුයේ අද (21) කඩුගන්නාවේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය විවෘත කිරිම සඳහා පැවැති උත්සව අවස්ථාවේදී සභාව අමතමිනි.
යහපාලන සමයේදී කෑ ගැසූ අය නිහඩ ඇයි කියා ඒ කුමන හේතුවක් මතදැයි තමන් අසන්නට කැමැති බවද පැවසීය.
එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.
පන්සලක වැසිකිළියක් හදන්නත් උළු කැටයක් මාරු කරන්නත් අද පුරාවිද්‍යා කොමසාරිස්ගෙන් අවසර ගත යුතු වකවානුවකදී ඓතිහාසික ගොඩනැගිල්ලක් ඩෝසර් කර තිබියදිත් මේ වන විටත් පොලිසිය නිහඬ ඇයි කියා තමන් අසන්නට කැමැති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිය.
බුවනකබාහු රජතුමාගේ රාජ්‍ය සභාවේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කරල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පැමිණිල්ලක් කරල තියෙනවා පොලිසියට නමුත් තාම කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. මේක ප්‍රහේලිකාවක් කුරුණෑගල ප්‍රධාන පුරවැසියා කුරුණෑගල ඉතිහාසය දන්නෙ නෑ. මේක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දිස්ත්‍රික්කය එතුමා කොමිටියක් පත් කරල මේ කොමිටි පත් කරන්නෙ මේක ප්‍රමාද කරන්න බවද එහිදි කීය.
තුනෙන් දෙක ගැනීම කෙසේ වෙතත් ගෝඨාභයට 113 වත් ගැනිමට නොහැකි වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී කීය.

