(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාරවලට පැන සිරකරුවන් බිය ගැන්වූ රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බව කී එජාප මහලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එකම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශව විසින් දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බවත් එය රජය රැකීමට රජයේම පිරිසක් රූගත කරන සිනමා පටයක් බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

