‘රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ‘


(සුජිත් හේවාජුලිගේ )

රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන   ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විරෝධතාවලට කලබල නොවී  ඒ අය කියන්නේ කුමක්දැයි සොයා ගත යුතු බවත් අද  අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත  බවත්  හෙතෙම සඳහන් කළේ‍ය.