‘මුළු දවසෙම වුණත් උත්තර දෙන්න ලෑස්තියි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී මුළු දවසේම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

අග්‍රාමාත්‍යවරයා  මේ බව කීවෙි ස්ථාවර නියෝගවල සඳහන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව  ක්‍රියාත්මක නොවීම පිළිබඳව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  බුද්ධික පතිරණ මහතා  විමසූ අවස්ථාවේදීය.

එම අවස්ථාව ලබාදිය යුත්තේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව විසින් බව අග්‍රාමාත්‍යවරයා කීය. 

එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.