(අංජුල මහික වීරරත්න)
මුස්ලිම් සමාජය දෙකට බෙදා කල්ලිවාදය ඇති කිරීමට මුල් වූ චරිත ගැන ඉදිරියේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද(30) පැවැසීය.
ශෝචනීය අවස්ථාවේ බොරදියේ මාළු බෑමට එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක කටයුතු නොකරන බව කී තුෂාර ඉඳුනිල් මහතා ‘තමන්ගේ තොප්පිය අපේ ඔලුවේ දානකොට අපටත් කිවයුතු දේවල් තිබෙනවා’ යැයි සඳහන් කළේය.
පොලිස්පතිවරයාටත් යමක් කියන්නට ඇත්නම් ඔහුත් නිහඬව නොසිට සත්‍ය රටට හෙළිකළ යුතු බවද තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)