(යොහාන් භාසුර)
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (11) පැවසුවාය.
‘පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අදාල උපායමාර්ග සකස් කිරීම’ වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ අද (11) පැවති වැඩමුළුවට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.
අධ්‍යාපනය කියන්නේ පරිවර්තනීය දෙයක් යැයි වටහාගෙන දැනුම ලබා ගැනීමට එහා ගියා පුද්ගල පරිවර්තනයක් වගේම සාමූහිකයක් හැටියට සමාජ පරිවර්තනයකුත් විය යුතු බවත් ඒ පරිවර්තනය ගොඩනැගිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් එතුළින් දරුවන්ට ලෝකයට විවෘත වන අවස්ථා තියෙන්නේ යැයි දැකිය හැකි බවත් ඇය කීවාය.