‘මරණ දඬුවමට පෙර නීතිය කාර්යක්ෂම කරන්න’


(ඩයනා උදයංගනී)
            
මරණ දඬුවම ගෙන ඒමට පෙර,  ඕනෑම නඩුවක් වසර තුනකින් පමණ අසා නිම කළ හැකි කාර්යක්ෂම නීති පද්ධතියක් රට තුළ ඇති කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
            
මෙරට ඇති ප‍්‍රශ්න මරණ දණ්ඩනවලින් විසඳිය නොහැකි බව කී ඇමතිවරයා නීතිය කි‍්‍රයාත්මක වීමේ අකාර්යක්ෂමබව හා අපක්ෂපාතී නොවීම පිළිබඳ ගැටළුව පළමුව විසඳිය යුතු බවද සඳහන් කළේය.
            
බෞද්ධයන් ලෙස කල්පනා කර බැලීමේදී කිසිවකුගෙන් ජීවිතය ගත්පසු නැවත දිය නොහැකි නිසා මරණ දඬුවමට පක්ෂද, විරුද්ධ ද යන්න ගැන පිළිතුරක් දීම තමාට අපහසු බවද ඇමතිවරයා කීවේය.
            
මෙරට නීතිය අනුව නඩුවක් අසා නිම කිරීමට වසර 17හමාරක් පමණ ගත වන නිසා අපරාධ කිරීමට, මත්ද්‍රව්‍ය ගෙන්වීමට හෝ මිනී මැරීමට ඇති බිය සැක දුරුව ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.