(රංජන් කස්තුරි)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් ලෙස විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා පෞද්ගලිකවත්, ආණ්ඩුවක් ලෙසත් විරෝධය දක්වන බවද ඇමැතිවරයා කීය.
කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
"මරණ දඬුවම ශිෂ්ඨ සම්පන්න රටකට ගැළපෙන්නේ නැහැ.මගේ පියා මහානාම සමරවීර මහතා එදා අධිකරණ ඇමැතිධූරය දරන කාලයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කළ යුතුයි කියලා.
ඒ යෝජනාව තමයි සම්මත වුයේ" යැයිද මංගල සමරවීර මහතා කීය.

