අජන්ත කුමාර අගලකඩ
තිබෙන ප්‍රශ්න අමතක කර, සියලු දෙනා විපක්ෂය ලෙස එකට එකතු වී කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණෟඩායම ජනාධිපති කාර්යාලයේ දී අද (18) පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් පෙරමුණක් ලෙස කටයුතු කළ යුතු බව පවසා ඇති ජනාධිපතිවරයා සන්ධාන හැදීම පහසු කටයුත්තක් නොවන බවද සඳහන් කර තිබේ.
අතීතයේ ගොඩ නැඟුණු දේශපාලන සන්ධාන පිළිබඳව ද ජනාධිපතිවරයා දිර්ඝ විස්තකරයක් කර ඇත.
අද දහවල් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට එක්වු විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයා හැර සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාගේ මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී ඇත.
ආණ්ඩු පක්ෂයට එක්වු ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන්න් දෙදෙනා ද අද (18) පෙරවරුවේ පැවති සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමද විශේෂත්වයකි.