(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා පාර්ලිමේන්තුවට මුලින්ම ආවේත් "බෙන්ස්" එකක යැයි ද හෙට දවසෙත් ඒ ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් බව නිහතමානීව ප්‍රකාශ කරන්නේ යැයිද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය.
විනාශ කරන ලද තම නිවස හැදුවේ දේශපාලනයට එන්නත් පෙර යැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා දේශපාලනයෙන් අලුතින් හම්බ කරගත් දෙයක් නැතැයි ද සදහන් කළේය.
රටෙි පසුගිය දිනවල ඇතිවූ දේපොළ හානි පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදයට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.
සමාජ ක්‍රියාකාරීන් කියන 56 දෙනෙක් විසින් විටින් විට අහවලා ගේ නිවසට තාම ගියේ නැද්ද කියමින් ආදරණීය අරගලයේ ඇඩ්මින්වරුන් මේ රට මෙි තත්ත්වයට ගෙන එන්න සිද්ධ කළා නම් තව මොනවද මේ කතා.එය සාධාරණීකරණය කරන්න මේ පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ කතා කරනවා නම් ඒ ගැන මා කණගාටු වෙනවා.මේ මොහොතේ 225ට එකතු වෙන්න බැරිනම් රට ගැන අමතක කරන්න.
මම පෞද්ගලික දෙයක් බවත් කතා කරන්න බලාපොරොත්තු වුණේ නැහැ.නමුත් මිනිත්තුවක් අරගෙන එය කතා කළ යුතු යැයි මා සිතුවා.මගේ නිවස හැදුවේ දේශපාලනයට එන්න ඉස්සෙල්ලා.1991 වසරේ දී ගෘහ නිර්මාණකරණය පිළිබඳ සම්මාන හයක් මට ලැබුණා.1976 වසරේ දී මගේ උපාධිය ලබාගත් පසුව 1978 වසරේදී මා ලාබාලතම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වුණා.මා දේශපාලනයෙන් අලුතින් දෙයක් හම්බ කරල නැහැ.වසර හතරක් තිස්සේ මගේ නිවස හැදුවා. 1990 දී වැඩ නිම කලා.එම නිවස කෞතුකාගාරයක් බව එහි පැමිණි තානාපතිවරයෙක් පැවසුවා.
අද මෙවැනි තත්වයක් ඇතිවුනේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසයි.අද වන විට මීට සම්බන්ධ සියලු දෙනාගේ වතගොත ආරංචි වී තිබෙනවා.යකෝ මේකේ කාමර හොයාගන්න මැප් එකක් ඕන නේ කියලා එක්කෙනෙක් කියනවා.යකෝ මූ මහරාජා කෙනෙක් වගේ නේ ජීවත් වෙලා තියෙන්නේ ගහපිය මරපිය කොටපිය නැති කරපිය කියලා තව කෙනෙක් කියනවා.ඒ ඔක්කොම රෙකෝඩ් වෙලා තිබෙනවා.ඒ කණ්ඩායම් දාසයක් විතර මේ වෙනකොට අත්අඩංගුවට ගෙන තිබෙනවා.ප්රගතිශීලී යැයි කියන කට්ටිය කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලනවා.මොන නීතියක් ද මේ රටේ.මම පාර්ලිමේන්තුවට එනකොටත් ආවේ බෙන්ස් එකක. කවුරු හරි කියාවි නයා දානවා කියලා.හෙට දවසෙත් ඒ මගේ ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් කියා නිහතමානීව ප්‍රකාශ කරනවා.අපි එහෙම වට්ටන්න අමාරුයි.යනුවෙන්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.