(ඩයනා උදයංගනී)
දේශපාලන හා ආර්ථික නිදහස ළඟා කරගන්නාක් මෙන්ම අනාගතයේදී දේශගුණික විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතු බව යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ සඳහා වහාම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බව කී ඇමැතිවරයා මෝසම් වර්ෂාව ප‍්‍රමාදවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලූවලට මුහුණදීම සඳහා රට තුළ කාලගුණික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කළ යුතු යැයිද ප‍්‍රකාශ කළේය.
නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මාසයේ සිට ලැබීමට නියමිතව තිබුණත් එය පමාවීම හේතුවෙන් ඉදිරි මාස තුන තුළ රටෙහි පානීය ජල ගැටලූවක් මෙන්ම කෘෂිකර්ම සහ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන්ද ගැටලූ ඇතිවිය හැකි බව ඇමතිවරයා සඳහන් කළේය.
මෝසම් වැසි අඩපණ වුවහොත් රට දුෂ්කර තත්ත්වයකට මුහුණපාන බව ද ඇමතිවරයා කීවේය.
කාලගුණ හා දේශගුණ විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින බවද ඇමති පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින පානීය ජල ගැටලූව විසඳා නොගතහොත් ඉදිරි දශක තුන තුළ ජීවත්වීමට සුදුසු නොවන රටක් බවට පත්වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නගරය හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණින් අපේ ගම පරිශ‍්‍රයේදී පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.

