‘තෙල් සංස්ථාව විකුණන්නේ නැහැ'


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් එවැනි කටයුත්තකට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

ඇමතිවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළ මිල සූත්‍රය අනුව කටයුතු කළේ නම් අද රුපියල් එකසිය පනස් හතකට විකුණන 92 වර්ගයේ පැට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතක් දක්වාත් රුපියල් 111කට විකුණන ඩීසල් ලීටරයක් රුපියල් එකසිය විසි දෙකක් දක්වාත් ඉහළ යන බව ඔහු ප්‍රකාශ කළේය .

වර්තමාන ආණ්ඩුව එලෙස කටයුතු කර ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් කීය.