(ශාන්ත සෙනෙවිරත්න)
අංගොඩ උණරෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන කොරෝනා වයිරසය වැළඳුණු චීන කාන්තාවගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරී තිබුණත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා දෙකක් තවමත් රෝහලට ලැබී නැති නිසා ඇය රෝහලෙන් මුදාහැරීමට නොහැකි වී ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා සූරියආරච්චි මහත්මිය කීවාය.
කොළොන්නාවේ නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කණ්ඩායමක්(පො.ජ.පෙ) රෝහලට අද(02) පෙරවරුවේ ගිය අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඇය එසේ කීවාය.
“කොරෝනා වයිරසය වැළඳුණු බවට සැකකරන රෝගීන් 60කට ආසන්න ප්‍රමාණයක් රෝහලට ආවා. නමුත් ඔවුන් බොහොමයකට එම රෝගී තත්වය තිබුණේ නැහැ. පස්දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. කොරෝනා වයිසරය වැළඳුණු චීන කාන්තාවගේ තත්වය නරක නැහැ. ඇය සුවය ලබලා තිබෙනවා. නමුත් ඇය සම්බන්ධයෙන් කළ වෛද්‍ය වාර්තා දෙකක් තවමත් රෝහලට ලැබුණේ නැහැ. ඒනිසා තව ටික දිනක් ඇයට රෝහලේ ඉන්න වෙයි” යැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් කීවාය.
“රෝහලට එන අනෙකුත් උණ රෝගීන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නෑ. රෝහලේ සියලු පහසුකම් තියෙනවා. සායනවලත් එහෙමයි. කිසිදු බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.
රෝහලේ වෛද්‍යවරු වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් එන රෝගීන්ට ප්‍රතිකාර කරන්න සූදානම්” යැයිද ඇය කීවාය.

