‘තර්ජනය මන්ත්‍රී ජගත්ට නොකී පොලිසියේ අයට පියවර ගන්න‘




(සුජිත් හේවාජුලිගේ)

මරණීය තර්ජනයක් පිළිබඳව පැහැදිලිවම තොරතුරු අනාවරණය වී තිබියදී ජගත් විතාන මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව දැනුම් නොදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස සමග ජන බලවේගය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා  පැවසුවේ  මෙම තර්ජනය පිළිබඳව පොලිසිය මාසයක කාලයක පෙර සිටම දැනුවත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

විරුද්ධ දේශපාලනඥයන් මැරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයි කී  හෙතෙම මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පියවරක් ගත යුතු බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයා  මෙසේ පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.