(රංජන් කස්තුරි)
බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුකරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර එය තවදුරටත් ශක්තිමත් කිරීමට එම පනත සකස් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම, බුද්ධි අංශ තවදුරටත් බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩිකිරීම නව පනතේ අරමුණ බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමැතිවරයා මේ බව කීය.

