
(රංජිත් රාජපක්ෂ )
නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ පමණක් රාත්‍රි කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඊයේ(11) මේ බව පැවසීය.
වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධෘන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශියේ දී ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටි ඇති බවත් පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ ය.
දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත්නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ,
වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ මාර්ගය අවහිරවි තිබිය දී ගුවන් මගින් පවා අවතැන්වුවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කළ බවත් මාර්ගය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදීත් කිසිදු සහනාධාරයක් නොලැබුණ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.

